මෙතෙක් පැවති ආණ්ඩුවලින් ඉතාම කෙටි කාලයක් ඇතුළත ජනතාවට එපා වූණු ආණ්ඩුව වත්මන් මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාන්කාන්ත මහතා පවසයි.
පසුගියදා අනුරාධපුරයේදී පැවති අප්‍රේල් විරු සමරුවේ ප්‍රධාන දේශනයට පවත්වමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයක සිටින බවත්, ගොවි විශ්‍රාම වැටුපෙන් පවා රුපියල් 50ක් ගොවියාට නොදන්වාම කපා ඇති බවත් ඉදිරියේදී නැවතත් බදු පැනවීමට ආණ්ඩුව සූදානමින් සිටින බවත් ඔහු එහිදී පැවසීය.