Colombo Today Local News

අයෙකුට කිලෝ 5යි සහල් අලෙවිය සීමා පනවයි

මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසැල් ජාලයක නාඩු සහල් අලෙවි කිරීම සඳහා සීමා පනවා ඇත.

ඒ අනුව එක් පාරිභෝගියෙකුට එක් වරකට ලබා ලබාගත හැක්කේ කිලෝ පහක් පමණි.

වෙලදපලේද මේ දිනවල නාඩු සහල්වල හිගයක් දක්නට ඇත.

වෙලදුන් සඳහන් කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් නාඩු සහල් නිකුත් කිරීම සීමා කර ඇති නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

ඇතැම් මහ පරිමාණ තොග මෝල් හිමියන් නාඩු සහල් කිලෝ 5000ක් ලබා ගැනීමට නම් කීරි සම්බා කිලෝ 15,000ක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

මෙවන විට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් අලෙවිවෙමින් ඇත්තේ රුපියල් 220 ඉක්මවූ මිලකටය.

Related posts

කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණයින්ට

colombotoday

විමල්ගේ තැන එස්.බී. දිසානායකට. – කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙයි.

colombotoday

” අඛණ්ඩව බොර තෙල් ආනයනය කිරීමට කටයුතු කරනවා “

colombotoday

වෙහිකල් ලංකා සමාගම හරහා කෝටි ගණනක බදු වංචාවක් කරන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

කාගෙන්වත් අවසර එපා.. ශිවාජිලිංගම් “ජනසංහාර සතිය අරඹයි”. පළමු සැමරුමට පස් දෙනයි.. මහ සැමරුම මැයි 18

colombotoday

අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්

Admin