Colombo Today Local News

රටේ කිසිම අර්බුදයක් නෑ

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසුව මෙරට දේශපාලනය තුළ නව සන්ධිස්ථානයක් ආරම්භ වී ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික විධායක සභික නලීන් හේවගේ මහතා ගාල්ල රත්ගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පැවසීය.

මහ මැතිවරණය පැවැත්වීමට පෙරම දූෂිත දේශපාලකඥායින් පරාජය භාර ගෙන තිබෙන බවත් එය මැතිවරණයට තරඟ නොකිරීමට අදහස් කිරීම තුලින් පැහදිලි වන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

එමෙන්ම දූසිත දේශපාලකයන් කිහිප දෙනෙක් මෙවර මැතිවරණයට තරඟ කිරිමට ඉදිරිපත්ව ඇති බවත් ඔවුන්ටද ජනතාව නිසි ආකාරයෙන් ප්‍රතිචාර දක්වනු ඇතිබවත්ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
මේ වන විට කිසිදු පලාත් සභාවක් හො පාර්ලිමේන්තුවක් නොමැතිව වුවත් තිදෙනෙකුගෙන් යුත් කැබිනට්ටුවක් ඉතා සාර්ථකව රට කරගෙන යන බවත් එය ඉතා බැරෑරුම් රාජකාරියක් බවත් මේ ව විට රටේ කිසිදු අර්බුදයක් නොමැති බවද ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

Related posts

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin

මහමැතිවරණය දිනා අගමැති ධුරය භාරගෙන පියා එකල දැරූ සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගන්නා බව සජිත් කියයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගනී

Admin

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

colombotoday

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday