Colombo Today Local News

මීරිගම අධිවේගය හදන්න මිලියන 75000ක කැබිනට් පත්‍රිකාවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මිරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ වහාම ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්දු මහතා පවසයි.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එම තීරණය ගත් බව හෙතෙම සඳහන් කරයි.

රුවන් චන්ද්‍ර මහතා සඳහන් කළේ, එම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 7500ක මුදලක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ මුදල් අනුමත වූ වහාම එහි වැඩ ආරම්භ කරන ලෙස කොන්ත්‍රාත්කරුට දැනුම් දෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37ක් වන කඩවත සිට මිරිගම දක්වා කොටසේ වැඩ මේ වන විට 36% ක ප්‍රමාණයක් අවසන් කර ඇති අතර එම කොටස ඉදිවු පසුව කුරුණෑගල සිට මත්තලට සහ කටුනායකටත් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.

Related posts

බැදුම්කර කොමිසම මලික් – කබීර්ගෙන් ප්‍රශ්න කරයි !

colombotoday

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday

හදිස්සියේ කටුනායකට ගොඩබැස්සවූ යානයේ සිටි මගීන් දෙදෙනෙක් මරුට

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

මංකිපොක්ස් ගැන දැනුම්දීමක්

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට සැලසුම්

colombotoday