Colombo Today Local News

ලංකාවේ තියෙන්නෙ කුණු වෙච්ච රාජ්‍ය සේවයක්

රට විනාශවීම සම්බන්ධයෙන් මහආණ්ඩුව, නගර සභා, ප්‍රාදේශීය සභා මෙන්ම මේවා සමඟ එක්ව වැඩ කළ රාජ්‍ය සේවයත් වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේදී රාජ්‍ය සේවයත් ප්‍රගතිශීලි විය යුතු බවයි.

”ආණ්ඩු එනවා, යනවා. රාජ්‍ය සේවය පවතිනවා. රාජ්‍ය සේවයත් මේ රටේ ජනතාවගේ අප්‍රසාදයට පත් වුණු එකක්. මේක කුණු වෙලා. හැබැයි රාජ්‍ය සේවයේ හොඳ මිනිස්සුත් ඉන්නවා කිහිප දෙනෙක්.

නමුත් පද්ධතියක් ලෙස ගත්තම රාජ්‍ය සේවයත් මේ රට කඩා වැටීමට සම්බන්ධයි. දැන් අපි මේ වෙනස් කරගෙන යන්නෙ ආණ්ඩුව.

මෙම නොවැම්බර් 14 අපි ආණ්ඩුවක් හදන්න යන්නෙ. එයින් පසුව ගමේ ආණ්ඩුව ප්‍රාදේශීය සභාව හදනවා. එතනින් පස්සෙ සිද්ධ වෙනවා පළාත් ආණ්ඩුව හදන්න. එතකොට ජනතාව ප්‍රගතිශීලි ජනතාවාදී ආණ්ඩු හදන්න සූදානම්. එහි ආරම්භය නොවැම්බර් 14.

හැබැයි අලුත් ආණ්ඩු ආ පමණින්ම එකපාරටම ජනතාව බලාපොරොත්තු වන රට බිහි වන්නෙ නැහැ. රට නිවැරදිව ඉදිරියට යන්න ජනතාවයි, රාජ්‍ය සේවයේ යෙදී සිටින අයයි, බලයට ගෙනෙන ආණ්ඩුයි කටයුතු කළ යුතුයි. එවිට තමයි ජනතාව බලාපොරොත්තු වන සංවර්ධිත රටක් ගොඩනඟන්න පුළුවන් වෙන්නෙ” යැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උපාලි කරුණාරත්න

Related posts

ඩයනාට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Admin

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙනුත් පෙත්සමක්

colombotoday

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

Admin

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

සෞඛ්‍ය ඇමතිට සහ ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක් අරඹයි

Admin