Colombo Today Local News

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

සමගි ජනබලවේගය පක්ෂය තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන අවුල තව දුරටත් වර්ධනය කරමින් හිටපු සංවිධායකවරයෙකු එම පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ සමාජ විරෝධය නොතකමින් පක්ෂය තුළ ගනු ලබන තීරණ හේතුවෙන් තමන් එම පක්ෂයෙන් ඉවත් වී මෙවර මහමැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට තීරණය කළ බවයි.

අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන පෞර්ෂය පිළිබඳ තමන් සතුටු වන බවත් තම පක්ෂයේ නායකයන්ටද එවැනි පෞර්ෂයක් තිබුනේ නම් කිසිදිනක මෙවැනි පරාජයක් තම පක්ෂයට හිමි නොවුණු ඇති බවත් සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු සංවිධායක සාගර සේනාරත්න මහතා සඳහන් කර තිබෙනවා.

පක්ෂය තුල සිටින බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස අද වන විට බුද්ධිමත් මෝඩයන් බවට පත්ව ඇති බවත් මෙවර ජනාධිපතිවරණයේදී තම ආසන පවා රැක ගැනීමට ඔවුන්ට නොහැකි වූ බවත් සේනාරත්න මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් පක්ෂය සතුව නොතිබූ බවද ඔහු මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙන්නේ අභ්‍යන්තර දේශපාලන කරුණු රැසක්ද හෙළි කරමින්.

සජිත් ප්‍රේමදාස මහතාගේ සමීප මිතුරෙකු, බිරිඳ සහ නැගණිය දේශපාලන කටයුතු වලට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්ද ඔහු විවේචනයක් සිදු කර තිබෙනවා.

Related posts

ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමු වෙයි

colombotoday

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

colombotoday

“නැව කුළියට ගත්තේ අපේ ව්‍යාපාරිකයෙක්, එනිසා කප්පම් එපා“ සෝමාලි කොල්ලකරුවෝ නැව නිදහස් කරයි

colombotoday

හයිලෙවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් හා තරුණියක් මරුට

colombotoday

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි

Admin

රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට සූදානම් – ජාජබ න් කෙටි කාලීන යෝජනා මාලාවක්

colombotoday