Colombo Today Local News

ඩයනා කර මුලට හිරවෙයි

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩු 07කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අදාල නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු වෙත මෙම නොතිසි නිකුත් කර තිබෙනවා. අදාල නඩු ලබන 24වනදා විභාගයට ගැනීමට නියමිතයි.

Related posts

කොවිඩ් අවදානම නිසා දඹදිව වන්දනා චාරිකා තවකාලිකව අත්හිටුවයි

colombotoday

බැදුම්කර විවාදය කල් දැම්මොත් ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි තීරණයක්

colombotoday

රට රස්සාවට යන අයට සුබ ආරංචියක්, රක්ෂණය දෙගුණ කරන්න යයි

colombotoday

ගව හොකමේ ගිය අයෙක් වෙඩි කා මරුට – තවත් අයෙක් රෝහලේ

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday

ඥානසාර හිමි නිදහස් කිරීමට ජනපති පියවර ගත යුතුයි – අමාත්‍ය පී දිගම්බරම්

colombotoday