Colombo Today Local News

බදු වංචාකළ බව එටිසලාට් පිළිගනී.. “සූරා කෑ මුදල් පාරිභෝගිකයන්ට ගෙවනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ජාතිය ගොඩනැගීමේ බද්දට අදාලව නියමිත බදු ප්‍රතිශතය අදාළ ප්‍රමාණයට වඩා වැඩියෙන් අය කරමින් තමන් වරදක් කර ඇති බව එටිසලාට් දුරකථන සමාගම පිළිගෙන ඇතැයි පාරිභෝගික අයිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ එටිසලාට් නීති නිලධාරිනිය විසින් සිය සමාගමෙන් සිදුවූ වරද සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් යොමු කරමින් ඒ බව සදහන් කර ඇති බවයි.

රජයේ නව බදු නීති නව නීති රීතිවලට අනුව රුපියල් 2ක ඇමතුමක් සදහා අයකළ යුතු ගාස්තුව රුපියල් 2.54 ක් සහ රුපියලක (01) ක ඇමතුමක් සදහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 1.27 ක් වුවත් එටිසලාට් සමාගම රුපියල් 2ක ඇමතුමක් සදහා 2.66ක් සහ රුපියලක ඇමතුමක් සදහා රුපියල් 1.33ක් අය කරන බවත්, ඒ හරහා එම සමාගම දිනකට රුපියල් මිලියනයක් අයථා ලෙස උපයන බව සදහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පසුගියදා විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් යොමුකර තිබුණා.

එලෙස අයතා ලෙස මුදල් ලබාගත් බවට එටිසලාට් සමාගම පිළිගෙන ඇති බැවින් අසාධාරණ ලෙස පාරිභෝගිකයන්ගෙන් වංචාසහගතව උපයාගත් මුදල නැවත පාරිභෝගිකයන් වෙත ගෙවීමට සමාගම කටයුතු කළයුතු බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරන අතර රජයේ බදු වංචා කරමින් අයතා ලෙස මුදල් ඉපයූ අදාළ සමාගමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

etisalat56
එටිසලාට් නිති නිලධාරිනිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ඇති ලිපිය

 

Related posts

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් සෝභිත හිමියන් ඉවත් වෙයි

colombotoday

ඝාතනය වූ පැලවත්ත කෝටිපති ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමු වෙයි

Admin

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday

“අපේ සංහිඳියාව විවේචනය කරන අයට ඉස්සරහට අඬන්න වෙයි“ – ජනපති

colombotoday

ජවිපෙ නායකයා ජනතාව මුලාකරනවා.. ඔහු දන්න සමාජවාදයක් නැ

colombotoday