Colombo Today Local News

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

විශාල ඉන්ධන සහනයක් එකවර ලබාදීමට ජනාධිපති අනුර දිසානයක මහතා කැමැත්තක් නොදක්වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා සඳහන් කරයි.

එමෙන්ම එය පෝලිම් ඇතිවීමට හේතු විය හැකි බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

තෙල් සංස්ථාව සතුව එළඹෙන අප්‍රේල් මාසය දක්වා හිඟයක් නොමැතිව ඉන්ධන සම්පාදනය සඳහා අවශ්‍ය සියලු ඇණැවුම් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

ප‍්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සතිපතා සැලසුම් කරන බවත් හෙතෙම කියා සිටී.

වඩාත් කාර්යක්ෂම ඉන්ධන සැපයීමක් සඳහා ඉන්ධන පිරිපහදු අංශය දියුණු කිරීම තෙල් සංස්ථාවේ අරමුණ බවද පවසන ඔහු මෑතකාලන ඉන්ධන මිල සංශෝධනය දැනට පවතින මිල සංශෝධනය අනුව සිදුකරන ලද අතර මහජනතාවට වැඩි සහන ලබා දීම සඳහා මිල සූත්‍රය වැඩිදියුණු කිරීමට අදහස් කර සිටින බවද සඳහන් කළේය.

‘වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැකියි. නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි. ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවග රාමුව තුල’

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට නියාමන කොමිෂන් සභාවට භාරදීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

Breaking News: රන්ජන් 29 දා තෙක් රිමාන්ඩ්

colombotoday

ඉඩම් නිදහස් කරන්න ඉල්ලා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

colombotoday

කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කෙරේ

colombotoday

බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීමට ජනපතිගේ තීරණයක්

colombotoday

රැට්ටා, ජෙහාන් සහ ජගත් ඇතුළු අරගලකරුවන් 09ක් සැකකරුවන් ලෙස නම් කරයි

colombotoday

ඇල්පිටියේ නිවසක බෝම්බ පිපිරීමක්

colombotoday