Colombo Today Local News

අනුර දිනපු සතුටට කුරුණෑගල ශ්‍රමදානයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය ලබා දෙමින් අභිනව ජනාධිපතිවරයා පත්කිරීමට දායක වුණු ජනතාව එක්ව කුරුණෑගල ස්ථාන ගණනාවක ඊයේ (29) පත්‍රතා කටයුතු ආරම්භ කළහ.

නව සමාජ ක්‍රමයක් සඳහා මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුත්තේ තමාගේ වටපිටාවත් වෙනස් කර ගනිමින් බව සඳහන් කරමින් වල්බිහි වී ඇති මංමාවත්, සුසාන භූමි, ක්‍රීඩා පිටි, වැව් අසබඩ පිරිසුදු කිරීම ජනතාවගේසහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.

එකම දවසේ ස්ථාන ගණනාවක පිරිසුදු කිරීම් ආරම්භ කළ අවස්ථාට පක්ෂ භේදයකින් තොරව සෙනසුරාදා නිවාඩු දින රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ වෘත්තිකයෝ මෙම පව්ත්‍රතා ශ්‍රම දානයට එක්ව සිටියහ.

නව ජනාධිපතිවරයාගේ දැක්මත් සමඟ ඔහුට මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමට සහයෝගය පළ කළ යුතු බව ඔවුන්ගේ අදහස විය.

ශ්‍රමදානයට සම්බන්ධ වී සිටි නීතිඥ ලයිනල් පටබැඳි මහතා කියා සිටියේ ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් යොදාගෙන දින ගණනාවක් ඔවුන්ට වැටුප් ගෙවමින් කළ යුතු මේ කටයුතු ජනතාවගේ එකමුතුකමින් කරන්නටත් ප්‍රාදේශීය නායකයන්ගේ සහයෝ ගය සහ නායකත්වය බලපාන බවය.

ඔවුන්ගේ ඒ ක්‍රියාදාමය අගය කරමින් එම වැඩ කටයුතු සොයා බැලීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහතා සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහත්වරු පැමිණියහ.

– කුමාරි දිසානායක

Related posts

විපක්ෂ නායක අධ්‍යාපන සුදුසුකම් පෙන්වයි

Admin

රනිල් ඉවත්ව යනහැටි සජීවීව පෙන්නන්න අරලියගහ මන්දිරය වටා සිරස කැමරා අටවාගෙන ඉදලා..

colombotoday

ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා… 225ම යකඩ සපත්තුවට යට කරලා

Admin

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

colombotoday

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

Admin

පොල් අර්බුදයට කදිම විඳුමක් ජංගම රථ මගින් පොල් බෙදීමට ‍රජය සූදානම්

Admin