Colombo Today Local News

බදු ආදායම 4%කින් වැඩි කරන ලෙසට උපදෙස්

රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% ක් දක්වා තවත් 4% කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයට පෙර කර තිබූ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) විශේෂ වාර්තාවක් පළ කරමින් පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ පැවති ආණ්ඩුව විසින් බදු අනුපාත ඉහළ දැමීමෙන් පසුව උපයන විට ගෙවීමේ බද්දෙන් ලද ආදායම (2023 දී) රුපියල් බිලියන 144 කි.

එහෙත් රජය එම බද්දෙන් ලබා ගැනීමට අපේක්ෂා කළේ රුපියල් බිලියන 100 ක ආදායමකි.

රුපියල් බිලියන 44 ක් වැඩිපුර එම බද්ද මගින් 2023 දී රජය උපයා තිබුණු බවද එම වාර්තාව කියයි.

Related posts

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් දිනකින් අනුමත කිරීමට ජනපති උපදෙස්

colombotoday

බෝග වර්ග 07ක බීජ ආනයනය සීමා කිරීමට සැලස්මක්

colombotoday

ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත් තනතුරක් හදා සමීප හිත‍වතෙකුට දෙයි!

colombotoday

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin