Colombo Today Local News

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන් කෙරෙහි විශ්වාසය තබන ලද සෑම සියලු දෙනා වෙතම තම හෘදයාංගම කෘතඥතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම සෑම හදවතක් තුළ ම සාමයේ අරුණළු දල්වන්නා වූ එක්සත් හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් උදෙසා වන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ ව්‍යායාමය කෙරෙහි තමන් නොකඩවා කැපවී සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින් දැක්වේ.

මා කෙරෙහි විශ්වාසය තබන ලද සෑම සියලු‍ දෙනා වෙත ම මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමි. සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බර්ගර් හෝ වෙනයම් ජන ප්‍රජාවක සාමාජිකයකු ලෙස හෝ ඔබ කුමන දේශපාලන මතවාදයක් දැරුවත් මා හට හැඟීගිය ඔබගේ අපේක්ෂාවන් තවදුරටත් දරමින් මා ඉදිරියට යන්නෙමි.

පරාජය පරාජයක් සේ නොසලකා සෑම දරුවකු හට ම සුපෝෂණය වීමේ අවස්ථාව සලසමින් ද ‘තමා පොදු සමාජයේ කොටසක්’ බවට වූ හැඟීමක් සියලු‍ ජන කොට්ඨාස වෙත ඇති කරවීමට ද කටයුතු කරමි. එමෙන් ම සෑම හදවතක් තුළ ම සාමයේ අරුණළු දල්වන්නා වූ එක්සත් හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් උදෙසා වන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ ව්‍යායාමය කෙරෙහි ද නොකඩවා කැපවී සිටින්නෙමි.

අවසාන වශයෙන් මා කෙරෙහි විශ්වාසය රැඳවීම පිළිබඳ ස්තුතිය පළ කරමි. එසේ ම පුරවැසියන් වන අප සියලු දෙනාට ම හිමිවිය යුතු අනාගතය උදෙසා වූ සටන අත් නොහරින බවට ද මෙහිලා පොරොන්දු වෙමි.

-රුවන් නෙළුගොල්ල

Related posts

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

විශ්වාසභංගයෙන් දිනුවේ අගමැති නෙවෙයි දෙමළ සන්ධානයයි.. අගමැති ආලවක යකාට අහුවුණා වගේ !

colombotoday

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday

කෝටියකට අධික රත්‍රන් ගෙනා ප්‍රංශ ජාතිකයෙක් මාට්ටු

Admin