දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අද අලුයම් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.
කන්ටේනර් රථයේ පිටුපස ටයර යුගලයක හුලං යෑමත් සමග රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව කන්ටේනරය පෙරළි ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
කොළඹ දෙසට ධාවනය වන මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව වැඩිදුරටත් සඳන්.