Colombo Today Local News

සුබ කාලයක් ගැන දිගම්බරම් කියයි

සජිත් ප්‍රේමදාස මහතා මේ මස (21) දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා මේ රටේ නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරිපත් වන බවත්, ඉන් අනතුරුව වතුකරයේ ජනතාවට සුභ කාලයක් උදාවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සදහා වටවල ටෙම්පල්ස්ටෝ වතුයායේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ යහපාලන රජයේදි තමන් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට සංවර්ධන කටයුතු රැසක් සිදු කල බවයි.

වතුකරයේ ජනතාවගේ දුක හදුනන තමන් සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් විමෙන් පසු වතු කම්කරුවන්ගේ ඉතිරි සංවර්ධන කටයුතු යලි ආරම්භ කරන බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Admin

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

Admin

තැපෑලෙන් යවන්න ගිය මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday

ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට සජබත් එයි

Admin

රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් – මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් තද තීරණයක්

colombotoday

පාරිභෝගිකයින්ට විදුලි බිල ගෙවන්නැයි දැනුම්දීමක්

colombotoday