Colombo Today Local News

ටෝක් විත් සුදත්ත අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දෙයි

ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට සම්බන්ධ බව කියන පුද්ගලයකු පවත්වාගෙන යන නාලිකාවක ප්‍රචාරය යූටියුබ් වීඩියෝ පටයකින් අනෙක් අපේක්ෂකයන්ට අගතියක් සහ ඡන්දදායකයන්ට මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

සමාජ මාධ්‍යයේ විකාශය වන ටෝක් විත් සුදත්ත තමැති යූටියුබ් තාලිකාව හරහා දේශපාලන පක්ෂ වලට අගතියක් වන හා ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශ විකාශය වන බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රිත් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

වෛරී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අපරාධ දෙපාර්තමේන්තුව ඔහු ගන්නැයි පරීක්ෂණ යටතේ පරිගණක අපරාධ රංගත ශිල්පියකු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ඇති දවන සුදත්ත තිලකසිරි මහතා ටෝක් විත් සුදත්ත, සුදා ත්‍රියේෂන් යූටියුබ් නාලිකාවෙන් එම වෛරී ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

විවිධ ප්‍රකාශ ඔස්සේ ඡන්දදායකයන්ට බිය ගැන්වීම මරණීය තර්ජන සිදු කරමින් සාපරාධී විමර්ශන අංශය මගින් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන්නැයි ද, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් මධ්‍යස්ථානයේ නිරාකරණ ප්‍රධාන සහකාර තේරීම භාර නිලධාරියා නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ තවදුරටත් සඳහන් වේ.

Related posts

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

Admin

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අය සොයා පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

‘එන පළාත් සභා ජන්දෙදි රාජපක්ශ රේජිමය වළලලා දානවා.’- විශ්වාසභංග ජයෙන් උදම් වූ අගමැති කියයි

colombotoday

නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමති සමග විවාද එපා. මහින්දට අවවාදයක්

colombotoday