Colombo Today Local News

චීනයට ගිය අගමැති චීන එක්සිම් බැංකුවේ සභාපති හමුවෙයි !

exim bank

තෙදින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහා ඊයේ (06දා) රාත්‍රියේ බීංජි ගුවන්තොටුපොළෙන් චීනයට ළගා විය. අග්‍රාමත්‍යවරයා පිළිගැනීම සදහා චීන නියෝජ්‍ය විදේශ ඇමතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

චීන එක්සිම් බැංකුවේ සභාපති ලියූ ලියන්ගේ මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (07දා) පැවති අතර පසුව චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් හා සාකච්ඡාවකටද අගමැතිවරයා එක්විය.

ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සදහා පසුගිය සමයේ වැඩිපුරම ණය ආධාර ලබාගෙන ඇත්තේ චීන එක්සිම් බැංකුවෙන් වන අතර වත්මන් රජ‍යද ඉදිරි ආර්ථික කටයුතු හා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් එක්සිම් බැංකුවේ සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

වෛද්‍යවරයෙක් පූජා භූමියක්සලදී විණීමට ගෙනා මත් පෙති සමග මාට්ටු

Admin

කොළඹ පාලුවට යයි – ප්‍රවාහන පහසුකම් අවමයි

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහ රෑ ඇවිත් CIDයෙන් අරන් යයි !!

colombotoday

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

colombotoday

මධූෂ් සමග ඇල්ලූ තවත් හයක් මෙරටට පිටුවහල් කෙරේ…

colombotoday

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday