සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස මහත්මියට හමුදා ආචාර ලබාදෙන වීඩියෝවක් සමාජ ජාල වල පල වී ඇත.
කිසියම් උත්සව අවස්ථාවක් සඳහා පැමිණි ඇය පිළිගැනීම සඳහා මාර්ගය දෙපස සිටින හමුදා නිලධාරීන් ආචාර දක්වමින් ඇය පිළිගන්නා ආකාරය දක්නට ලැබේ.
එම අවස්ථාව ඇයට පසුපසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද ගමන් කරනු දක්නට ලැබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කරන්නේ අදාළ වීඩියෝ පටයේ දක්නට ලැබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජී.එල්. පීරිස් මහතාට ගුවන් හමුදාව විසින් පිරිනමන සාම්ප්‍රදායික පිළිගැනීමක් බවයි.