Colombo Today Local News

විජිතට ටිරාන්ගෙන් පිළිතුරු

පසුගිය දිනවල විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණි. ජාතික ජන බලවේගය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් රජයට චෝදනාවක් එල්ල කළේය.

විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ ද පැවසීය,

“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට. ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා. නවත්තලා පෝලිමේ එන්න අරින්න, එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා. මේවා අමූලික බොරු. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා.”

Related posts

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

colombotoday

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

Admin

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday

අරගලයේ ක්‍රියාකාරී සාමාජික ධනීස් අලි ඇතුළු 21කට විදෙස් ගමන් තහනමක්

colombotoday

“කොට ළමයා පියන් වෙන්න.. උස ළමයා සිකුරුටි දාන්න“ යහපාලන ඇමති රස්සා බෙදන හැටි හිටපු ජනපති ඇට් කර පෙන්නයි

colombotoday