Colombo Today Local News

ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ඡන්ද විමසීම්වලදී නිවාඩු ලබාදීමේදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව සියලු සේවකයින් සඳහා ඡන්දය ලබාදීමට හැකිවන පරිදි නිවාඩු ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර

කිලෝමිටර් 40 හෝ ඊට අඩු වේ නම් දින භාගයක නිවාඩුවක්ද,
කිලෝමීටර් 40-100 අතර වේ නම් දින 1ක් බැගින් ද නිවාඩු හිමි වනු ඇති බව එම නිවේදනයේ සඳහන් .
එමෙන්ම කිලෝමීටර් 100-150ත් අතර වේ නම් දින 1 1/2ක නිවාඩුවක්ද
කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බවත් එහි සඳහන් ව තිබෙනවා.

තවද ඇතැම් ඡන්දදායකයින්ට ස්වකීය ඡන්ද පොළට යෑමට හා ආපසු සේවා ස්ථාන කරා පැමිණීමට දින තුනක කාලයක් ගතවන අවස්ථාද සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති හෙයින් එකී අවස්ථාවන් හිදී දින තුනක නිවාඩුවක් ලබා දීම ද සිදුකළ යුතු බව දන්වා තිබෙනවා..

මෙහිදී සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතු බවත් සෑම සේවායෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්‍රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙල කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවද මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර ඇත

Related posts

කෝප් කමිටුවේ සභාපතිකම ඇමතිවරුන්ට නෑ. මන්ත්‍රීවරුන්ට පමණයි. – ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

colombotoday

ෆාම් ඔයිල් ආනයනය තහනම්

colombotoday

මත්පැන් මිල ඉහළට

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

වරාය ඉන්දියාවට බදු දීමට අගමැති ගෙනා යෝජනවා ජනපති විසි කරයි.. කැබිනට්ටුව ඇවිලෙයි.. ජනපතිගෙන් සැර දොස්මුරයක්..

colombotoday

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday