Colombo Today Local News

රනිල් පැරදුනොත් අපි හැමෝම සමූල ඝා-තනය වෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් මෙරට ජනාධිපති ධුරට පත් නොවුනහොත් තමන් සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බවයි හිටපු අමාත්‍ය ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර පවසනවා.

“අපි දැන් අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට ගෙනයනවාද කියා කල්පනා කළ යුතුයි. අද වන විට බංග්ලාදේශයේ තත්ත්වය ඉන්දුනීසියාවට පමණක් නොව මාලදිවයිනටත් පැතිරිලා ගිහින්.

ජවිපෙ කාර්යාල අද රට පුරාම ජන රැලිවලට රට වටෙන්ම බස්වලින් ගේනවා. දවසකට බස් වලට විතරක් ලක්ෂ ගණන් වියදම් කරනවා. ඔවුන්ට මෙතරම් සල්ලි කොහෙද. මේ සල්ලි දෙන්නේ මේ රට යළිත් අර්බුදයකට ඇද දැමීමට උත්සාහ කරන බලවේගයි. ඒ බලවේග ශ්‍රී ලංකාව ගොඩනැගෙනවාට කැමති නැහැ.

ඒ නිසා ජවිපෙට ඕනෑතරම් සල්ලි වියදම් කරනවා. ඒ නිසා අපි රටක් විදිහට සාමූහිකව මැරී වැටිය යුතු නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ නායකත්වයට යළිත් පත් නොවුණහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වළවන්න බැහැ” යි උපදේශකවරයා සඳහන් කරනවා.

Related posts

සුමංගල හිමි ඥාණසාර හිමි සමග උසාවි යයි.. රංජිත් කීර්ති දූෂණ විරෝධයෙන් ඉවත්වෙයි !

colombotoday

වර්ජනය කරන තෙල් සේවකයන්ගේ වැඩ තහනම්.. ඉන්ධන බලපත්‍රයත් අහෝසියි..!

colombotoday

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

colombotoday

ගලගොඩඅත්තේ හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට ?

colombotoday

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

ජූනි මස 05 සහ 06 දිවයිනේ සියළු සුරාසැල් වැසේ

colombotoday