Colombo Today Local News

අනුර අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මහ පොලොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය නම් නම් සංවිධානයක් විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

අනුර දිසානායක මහතා තොරතුරු වසන් කරමින් 2007 වසරේ සිට රාජ්‍ය දේපළ අවභාවිතා කරන්නේ යැයි පැමිණිලිකාර එම සංවිධානයේ දර්ශන තන්ත්‍රිගේ මහතා ඇතුළු පිරිසක් සඳහන් කරති.

මේ පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති ධුර අපේක්ෂකයෙක් විසින් රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධ පැමිණිල්ලක්. සාමාන්‍යයෙන් මේ පැමිණිල්ල දාද්දිම අපි කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාපු වහාම ඒ අදාළ චූදිතයාව ප්‍රකාශයක් ගන්න ගෙන්නලා ඒ ප්‍රකාශය අරගෙන ඔහුව අත්අඩංගුවට අරගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේක පොදු දේපළ පනත යටතට ගන්න වරදක්. මේ වරද සිද්ධ කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජන බලවේගයේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිතුමා යැයි යනුවෙන් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

Related posts

“මහෝෂධ වගේ රැඟුවට අජිත් පී පෙරේරා කේවට්ටයෙක්” – විජේදාසගෙන් සැර ප්‍රහාරයක් (Video)

colombotoday

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්.. එකම රටක්, ඇයි නීති දෙකක් !

colombotoday

“ඇසට ඇසක්.. දතට දතක්” එජාපය වාඩුව ගනී ! දෝෂාභියෝගයක් ගෙනත් ජනපති එළවන්න සූදානම් !

colombotoday