Colombo Today Local News

සරත් ෆොන්සේකාගේ රැළියට අද කිහිපදෙනෙක් සහභාගී වෙයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ රැළි අතරින් අද දින නාවලපිටිය ප්‍රදේශය ඉලක්ක කරගනිමින් සිදුකල දේශපාලන රැළියේදී ප්‍රකාශ කල අදහස්,

“මේ රට ඉදිරියට යන්න නම් මේ රටේ ජන්ද වලින් 95% ක් පාවෙන ජන්ද බවට පත් වෙන්න අවශ්‍යයි, දේශපාලඥයන් ජනතාවට සහල්, සිමෙන්ති, ටකරම් ලබාදිලා රවට්ටලා ජන්දය ලබාගන්නවා.

ජනතාවට මම කියන්නේ දේශපාඥයින් ලබාදෙන දේ ගන්න හැබැයි ඒ අයට ජන්දය ලබා දෙන්න එපා, ජන්දය ලබා දිය යුත්තේ උගත්, කාර්ය ශුර්ය, කැපවිමෙන් වැඩ කරන, කියන වැඩ කරන කෙනෙක්ට.

අවු 75 ක් පමණ පරම්පරා කිහිපයක් තමයි මේ රට පාලනය කලේ නමුත් ඒ පාලනයෙන් ජනතාවගේ ජිවිත වලට කිසිදු දෙයක් වුණේ නැ.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් රටට කිසිදු සෙතක් වෙන්නේ නැ, අපි ජාවාරම්කාරයන් සමග වැඩ කරන්නේ නැ, එහෙම කලොත් අපිට රට හදන්න බැ.

රටේ ජනතාවගේ ජිවිත වලට ප්‍රමිතියක් ලැබෙන්න නම් ප්‍රමිතියෙන් ඉහල පාලකයන් පත් වෙන්න ඕනි, රටේ ජනතාවට තුන් වේලක් කන්න විදිහක් නැ මේ ඔක්කොම රට පාලනය කල අමන පාලකයන්ගේ වැඩ නිසා” බව හෙතෙම ප්‍රකාශ කර සිටියේය..

Related posts

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

colombotoday

වවාගෙන කන්න පුලුවන් රටේ හාල්, පොල් රටින් ගෙන්වනවා.. මේ ආණ්ඩුව රටේ මොන ප්‍රශ්නෙද විසදුවේ?

colombotoday

වෙළෙඳසැල්වල ශීතකරණ තුළ ඇති ආහාර කල් ඉකුත් වීමේ අවධානමක්

colombotoday

‘ඇමතිලාගේ හොරකම් එළියේ කතා කරන එක වැරදියි.. දයාසිරි කැබිනට්ටුවේදිනම් පූසා වගේ’ – රාජිත

colombotoday

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

colombotoday

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday