Uncategorized

රනිල් නත්තල් සීයට ඇඳලා

ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකුව සිටියදීත් රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් සීයා කෙනෙකු මෙන් ජනතාවට සහනාධාර බෙදමින් පසුවෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදන තුනක් නැවත කැඳවීමට සිදුවුවත් ඔහු නැවත වතාවක් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරන බව ප්‍රකාශ කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ හරහා මැතිවරණය මූලික කරගනිමින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය අහිමිකරමින් ජනතාවට අල්ලස් ලබාදෙන්න ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවටයි ඔහු චෝදනා කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාවට කුමන බලපෑමක් සිදුකළද සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම
ජයග්‍රහණය කරන බවද අත්තනායක මහතා අවධාරණය කළේය

Related posts

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

colombotoday

“නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා”

colombotoday

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

නාවික හමුදාධිපති අගමැති හමුවෙයි

colombotoday

ගුරු – විදුහල්පති ගැටලුවට අද සයිබර් විරෝධතාවක් – ඇමති අනු කමිටුවේ හමුව අවලංගුයි

colombotoday