Uncategorized

තැපැල් ඡන්දයට ලක්ෂ 7කට අධික පිරිසක්

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මෙම පිරිස පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවා යාමකි.

එළැඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය සඳහා සැප්තැම්බර් 4 වැනිදා දින නියම කර තිබෙනවා.

සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කලා.

Related posts

ප්ලේන්ටිය රු.60යි. ආපනශාලාවලට පාරිභෝගිකයෝ යන්නේ නැහැ.

colombotoday

නායකත්වය ගැන එකගතාවක් නැතිව එජාප රැස්වීම අහවර වේ. රනිල් ගිය පසු සජිත් නායකයා කියා යෝජනා සම්මතකරගනී [Video]

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

ජාතික ලැයිස්තුවට සුදුසුම කෙනා මමයි

Admin