Colombo Today Local News

ජනාධිපතිවරණය වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින්.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සම ඉදිරිපත් කළ නිතීඥවරයා පවසන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි.

එම සංශෝධනය ජනමතවිචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණත් එය ජනමතවිචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බවත් පෙත්සම්කරු පවසනවා.

අදාළ සංශෝධනය ජනමතවිචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බව වැඩිදුරටත් ඔහු පෙන්වා දෙනවා.

Related posts

රට බාරගැනීමට එකම සුදුස්සා ගෝඨාභයයි… ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත ඔහුටයි

colombotoday

පාරිභෝගික වැටලීම් නිලධාරීන්ට නිළ ඇදුමක් අන්දන්න යයි.. අයවැයෙන් ලක්ෂ 75ක් ඉල්ලයි

colombotoday

මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩංගුවට ගත් දෙදෙනා නිදොස්කොට නිදහස්.. බොරු චෝදනා කළැයි පොලීසියට අධිකරණයෙන් කුණු බැණුම්

colombotoday

සංවර්ධන ලොතරැයියේ ලක්ෂ 80 ටෙන්ඩරය රවීගෙන් ‘ඒකාබද්ධයේ‘ නුවන් නිරෝධට !

colombotoday

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

colombotoday