Colombo Today Local News

ජාතික හැඳුනුම්පත් ගැන දැනුම්දීමක්

උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලා.

මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුණූ බව ද ඔහු පැවසීය.

කෙසේවෙතත් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කල බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

අනුරාධපුර ඉවන්ජලිකල් යාච්ඤා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

colombotoday

පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

colombotoday

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday

ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

colombotoday

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

හිත හොඳ ගෑණු පාර්ලිමේන්තුවට පටිසෝතගාමී වීම – 1 කොටස

colombotoday