Colombo Today Local News

විදුලි පනතට බියෙන් ලංවිම සභාපති රට පැනලා – ඇමැති කාංචනට යකා නගී

අන්දෝලනාත්මක විදුලි බල පනත ඊයේ (06) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ලංවීම සභාපති එන්. එස්. ඉලංගකෝන් මහතා පිලිපීනයේ මැනිලා නුවර වැඩමුලුවකට සහභාවීමට ගොස් තිබෙනවා.

ඔහු පසුගිය ඉරිද මෙරටින් පිටත්ව ගොස් ඇති අතර පනතට සහය දැක්වීමේ අකමැත්ත මත එසේ කර ඇති බව ලංවීම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැති කාංචන විජේසේකර මහතාගේ ඉල්ලීමද නොතකා ලංවීම සභාපතිවරයේ එසේ විදෙස් ගතව ඇති අතර ඔහු හිටපු විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම
අනුර මහතා විසින් ඔහුගේ කාලයේ පත්කල අයෙකි.

ඩලස් ඇමැතිවරයා ආණ්ඩුවේ ඉවත් වුවද මෙම සභාපතිතුමා ඉතා උපක්‍රමශීලීව තම තනතුරු රැක ගැනීම වෙනුවෙන් කටයුතු කර ඇති අතර එහිදී ආණ්ඩුව විසින් ලබාදුන් මජර වැඩ ගණනාවක් ඉටුකර තිබෙනවා.

මෙම සභාපතිවරයා ඔහුගේ ගජමිතුරු ඉංජිනේරුවන් දෙදෙනෙක් සිය බලතල භාවිතා කර මෙම සංචාරය සඳහා එක්කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ලංවීම ඉංජිනේරුවෝ දැඩි කණස්සල්ල පළකර සිටී .

ඉහත ඉංජිනේරුවන් දෙදෙනා වෙත සභාපති ඉලංගකෝන් මහතා විසින් සිය බලතල භාවිතා කර සුදුස්සන් සිටියදී තනතුරු 10ක් පමණක් ලබා දී තිබෙනවා.

ඔහු එසේ කර ඇත්තේ තනතුරු බලාපොරොත්තු සිටින ඉංජිනේරුවන් අධර්ය්‍යයට පත් කරමිනි.

Related posts

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු දින 22ක් පමා වෙලා

Admin

රනිල්ට එරෙහිව නඩුවක්

Admin

පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානි වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානයට පියවර ගත්තා – චැනල් ෆෝ වීඩියෝව නිකුත් කෙරේ..

Admin

වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයි

Admin

ලක් හමුදා ඉතිහාසයේ මුල්වරට, එජා හමුදා නිරීක්ෂණයට කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට අවස්ථාව

colombotoday