Colombo Today Local News

ඉන්දියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ගිය මෙරට ISIS ත්‍රස්තයින් මාට්ටු

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට ඉන්දියාවේ අහමදාබාද් නගරය වෙත ගමන් කළ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු අහමදාබාද් සර්ධාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉරිදා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ගුජරාට් ප්‍රාන්ත පොලිස්පති විකාෂ් සාහේ මාධ්‍ය වෙත් අදහස් දක්වමින් පවසා සිටියේ, ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පවා සූදානමින් ඉන්දියාව වෙත පැමිණ ඇති බවත් මෙම ත්‍රස්තයින් සිව්දෙනා ශ්‍රී ලංකාවේ මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්ය.

එම ත්‍රස්තයින් අතරින් 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙක් වන අතර 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් යන තිදෙනා කොළඹ නගරයේ පදිංචිකරුවන් බවත් මූලික පරීක්ෂණවලින් තහවුරුව තිබෙනවා.

ඔවුන් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් මෙරට සිට චෙන්නායි හරහා අහමදාබාද් නගරය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ත්‍රස්තයන් සන්තකයේ තිබී, ජංගම දුරකථන, දෙරටේ මුදල් , ගුවන් බලපත්‍ර සහ එක් අයෙකුගේ ගමන් මල්ල තුළ ISIS සංවිධානයේ කොඩියක් ද තිබී හමුවී ඇති බව සඳහන්.

ඉන්දීය විමර්ශකයින් සඳහන් කරන්නේ, මෙම ත්‍රස්ත පිරිස පසුගිය පෙබරවාරි මසදී පමණ පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත සංවිධානයක නායකයෙකු වන අබූ නම් නමැත්තා සමාජ මාධ්‍ය තුළින් හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුව දැඩි ISIS මතධාරීන් බවට පත්ව ඇති බව බවයි.

අබූ නම් ත්‍රස්ත නායකයාගේ උපදෙස් මත ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර ඇති අතර මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට පවා සූදානමින් සිට ඇති බවට තොරතුරු හෙළිවී ඇති අතර ඔවුන්ට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 4ක මුදලක්ද ලබාදී ඇති බව සඳහන්.

ත්‍රස්ත පිරිසගේ දුරකථන පරීක්ෂා කිරීමෙන් අනතුරුව එරට නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුද සම්බන්ධ තොරතුරු රැසක් එරට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව සිදුකල පරීක්ෂාවකදී පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල 03ක් සහ ඒ සඳහා යොදාගන්නා උණ්ඩ රැඳවුම් 20ක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම අතඩංගුවට පත් ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කළ තවුහිද් ජමාත් සංවිධානයේ සමාජිකයින් ලෙස මීට පෙර කටයුතු කර ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Related posts

ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය අත්‍යවශ්‍ය සේවාවක්ද !

colombotoday

(Video) “නැවත යුද්දයක් ඇතිවීමට කිසිසෙත් ඉඩක් නෑ“ – ජනපති ජගත් මහ සමුළුව අමතයි

colombotoday

Video: සතිඅන්තයේදී දරු දැරියන් බේරාගන්න කුරුණෑගලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

colombotoday

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday

ශ්‍රීලනිපයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී

colombotoday

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday