Colombo Today Local News

සෝභිත හිමිගේ අපවත්වීම ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකළේ ඇයි? අධිකරණයටත් සැකයක්!

sobitha himi

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට අපොහොසත් වීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ සිදුකර තම අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (4 වැනිදා) කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ මහතාට නියෝගයක්‌ නිකුත් කළේය.

උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක්‌ සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම වාර්තාව සැකසීමේදී මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර ලබාදුන් කොළඹ ජාතික රෝහල, සෙන්ට්‍රල් රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහල්වලින් නිකුත් කර ඇති වෛද්‍ය වාර්තා හා ප්‍රතිකාර වාර්තා සැලකිල්ලට ගන්නා ලෙස ද නියෝග කළේය.

Related posts

ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමන් එළවා දැමීම ගැන ආචාර්ය නිර්මාල් මෙසේ කියයි

colombotoday

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday

පළාත් අතර සංචරණ සීමා දැඩි කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

Admin

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin