Colombo Today Local News

තලාව ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

තලාව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණ සංගීත ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවූ ගෝවින්දගේ ඉශාන් නිමන්ත නමැති තරුණ සංගීත ශිල්පියෙකි.

ඔහු වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව අනුරාධපුර දෙස සිට යතුරුපැදියකින් තලාව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා ආයතනය ඉදිරිපිටදී ඔහු ගමන්කළ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය සැකපළකරන්නේ ඔහුට නින්දයාම හේතුවෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුවන්නට ඇති බවටය.

Related posts

ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම්

colombotoday

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin

සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !

colombotoday

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

colombotoday