Colombo Today Local News

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (08) නියෝග කළේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිසා මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මැයි 31 වනදා ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සහ රෝහල් වෙත බෙදාහැරීමේ සිද්ධියට අදාළ නඩුව අද යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලීය.

එම නඩුවට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධානාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 10 දෙනාද අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.

මෙහිදී අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු ඉල්ලා සිටියේ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප්” යන ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධ එන්නත් කිරිමෙන් පසු මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසට ය.

ඊට පැමිණිල්ල වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කියා සිටියේ අදාළ ප්‍රතිදේහ එන්නත් හේතුවෙන් අගතියට පත්වූ පාර්ශ්ව පිළිබඳ සවිස්තරාත්මක විස්තර ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වනවිටත් මෙම අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව කරුණු සළකා බැලූ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවක්‍රම මහත්මිය අදාළ වාර්තාව මැයි මස 31 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය

Related posts

ඉන්දිය සංචාරක මගී ප්‍රවාහන නෞකා 13ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවෙයි

Admin

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

පල්ලකැලේ සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු අල්ලයි

Admin

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

නිවසකින් ලක්ෂ 46ක් සොරාගත් මෙහෙකාරිය අත්අඩංගුවට

colombotoday