Colombo Today Local News

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

අද (04) ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද දහවල් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඉන් පිටව යන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ය.

“මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර.”

එහිදී දමිතා අබේරත්න මහත්මිය මෙලෙස අදහස් දැක්වුවේය.

Related posts

මහින්ද නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවේ ශ්‍රීලනිප ය නැති කිරීමටයි.. මට එය තේරෙන්නේ දැනුයි

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

මාරක ළිදේ පඩිපෙළ කඩා වැටි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන් මරු දකී

Admin

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin

TIKTOK වලින් ඉවත් වූ ගීත

Admin

පොල් අලෙවියට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday