Colombo Today Local News

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

රාගල පොලිස් වසමේ ඩෙල්මාර් වත්ත උඩ කොටස ප්‍රදේශයේ කුඩා ජලාශයක තිබී සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

රාගල පොලීසියට ලද තොරතුරක් මත එම සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

එලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇය පසුගිය මාර්තු 30 වනදා කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති අතර, ඒ පිළිබඳ සොයා බලන අතරතුර මෙම සිරුර හමුව ඇත.

මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර, රාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර සූරියකන්ද පොලිස් වසමේ තුංදොල ප්‍රදේශයේ දී දොළ පහරකට වැටී කාන්තාවක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි ඉත්තකන්ද ප්‍රදේශයේ කාන්තාවකි.

ගම්මිරිස් අහුලා ගැනීමට යන පවසා ඇය ඉඩම පහලට ගොස් ඇති අතර, නැවත පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් සොයා බැලීමේ දී දොළට වැටී මියගොස් ඇති බව දැක තිබේ

Related posts

හම්බන්තොට තෙල් පිරිපහදුව වැඩබැරි සමාගමකට… ජනපතිවරණයට දින දෙකක් තිබියදී හොර රහසේ ගිවිසුම අත්සන් කරයි !

colombotoday

කොරෝනා ආසාධිතයන් 7 දක්වා ඉහළට !

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට නැගෙනහිරින් විරෝධය.. දකුණ නිහඩයි

colombotoday

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව : චෝදනා එල්ල වී සිටින ඇවන්ට් ගාඞ් සභාපතිට රට යන්න අවසර

colombotoday

එජාපයේ සූක්ෂම සැලැස්මක් ගැන මනෝ හෙළි කරයි.. ‘දෙමළ‘ පාලන භාෂාවක් කිරීමටත් යෝජනා කෙරේ `

colombotoday

22 සංශෝධනය අද මැති සබයට

colombotoday