පොතුවිල්, කඳහිදගම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ඊයේ උදෑසන දියේ ගිලී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි හුලංනුගේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම යාපනය, නාවලර් පාර ප්ර දේශයේ ළිඳකට වැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එම ප්රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.
මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති අතර අසල්වාසීන් විසින් මෙම කාන්තාව පිළිබඳ සිදුකළ සොයා බැලීමක දී ඇයගේ නිවස අසල පිහිටි ළිඳේ තිබී ඇයගේ සිරුර සොයාගෙන ඇත.
යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.