Colombo Today Local News

අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක්

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි ව තිබේ.

ඔවුන් දෙපාර්තමේන්තු සේවකයින් බවට පත්කිරීමෙන් අනතුරුව ‍අලිවැට සංරක්ෂණය සඳහා කාර්‍යක්ෂම සේවාවක් ලබාගත හැකි බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ ය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළාය.

“හැබැයි එම පිරිස ලබාගන්නේ දැනටත් අලි වැටේ කටයුතු කරන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් තමා යොදා ගන්නේ. අලුතින් සේවකයින් බඳවා ගැනීමක් සිදුවන්නේ නෑ. බහුකාර්ය දෙපාර්තමේන්තු සේවකයින් වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගැනීම සහ සම්පුර්ණ බඳවා ගැනීමක් සිදුකරනවා.”

Related posts

මහින්දානන්දගේ අමාත්‍යාංශ බලතල වැඩිවෙයි !

colombotoday

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපති එකඟයි

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

පන්දම දෙකඩ වෙයි.. ෆොන්සේකා රනිල් සමග යයි.. ‍ගෝලයන්ගෙන් පිරිසක් මහින්දට

colombotoday

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday