Colombo Today Local News

කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන ඒ සඳහා හඳුනාගෙන ඇත.

2023 වර්ෂයේ නොවැම්බර් මස් ජුනි මස 06 වනදා පැවති කැබිනට් රස්වීමේදී මේ පිළිබඳව හඳුනාගෙන තිබේ.

එම දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එසේම ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට අදාළ යෝජනාවට ද අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබුණි

Related posts

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පීකොක්‌මැදුරේ වැලි යට මහින්දගේ සල්ලි තියෙනවනම් ඕනි කෙනෙක් ඇවිත් ගන්න – ඒ.එස්‌.පී. ලියනගේ

colombotoday

මහ බැංකු බැදුම්කර මගඩියේ තරම අර්ජුණ්ගේ බෑනාගේ සමාගම් ලාභයෙන් එළියට පනී

colombotoday

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

colombotoday

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday