Colombo Today Local News

බිත්තර වලට යළි උපරිම මිලක්

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රජයට යෝජනා කර තිබෙන්නේ බිත්තර සඳහා යළි උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගත යුතු බවටයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙලෙස සිදුවී ඇත.

අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින්, කෘතිම බිත්තර හිඟයක් මවා පෑමට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් උත්සාහ කරන බව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ය.

මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, එම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළෙඳපොළ තුළ බිත්තර සුලභ කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම අවුරුදු මාසය තුළ ද, බිත්තර හිඟයකින් තොරව සැපයීමට රජය අවධානය යොමු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍ය මහින්ද අමරවිර මහතා උපදස් දුන්නේ, බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට, බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙසයි.

බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30 කි.

නමුත් මේ වනවිට වෙළෙඳ පලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Related posts

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

colombotoday

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

හෙරොයින් සහ අයිස් සමග පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

colombotoday

මහ මොළකරු නොවෙයි ගම්මන්පිලට වාර්තා ගිය හැටි සොයනු

Admin