Colombo Today Local News

නව පොලිස්පති වැඩ භාර ගනී

අද (29) පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි ආරම්භ කර තිබේ.

1998 වසරේ පෙබරවාරි 23 වැනි දා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ දේශබන්දු තෙන්නකෝන් මහතා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූයේ ය.

2019 වසරේ නොවැම්බර් මාසයේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලැබූ ඔහු එම වසරේ දෙසැම්බර් මාසයේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණි.

ඔහු පොලිස් සේවයේ විවිධ තනතුරු හොබවමින් විවිධ ප්‍රදේශවල සේවය කරමින් නීතිය හා සාමය ස්ථාපිත කිරිම සඳහා දිවි හිමියෙක් සේවය කල නිලධාරියෙක්ය.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයට පත්කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනි දායි.

අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ආරම්භ කෙරුණු යුක්තිය මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නේ ද තෙන්නකෝන් මහතායි.

Related posts

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

colombotoday

ජනතා විරොධයට ජනපති හිස නමයි… සුධර්මන් රදලියගොඩ ITN තනතුරෙන් වහාම ඉවත් කරයි !

colombotoday

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday

“ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.. කාටවත් අත තියන්න දෙන්නෑ” – ජනපති

colombotoday

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට වැසෙයි.

colombotoday