Colombo Today Local NewsUncategorized

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ලබන මස 06 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රි ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීම ආරම්භ කෙරුනි.

ඉන් අනතුරුව අවස්ථා 4 කදී එම කාලය දීර්ඝ කෙරිණ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවල ගමන් වාර අවලංගු වීම පසුගිය කාලයේ අවස්ථා රැසකදීම වාර්තා විය.

ශ්‍රී ලංකා ගුවන් සේවය පැවසුවේද ඊයේ දිනයේද ගුවන් ගමන් 3ක් අවලංගු කෙරුණු බවයි.

Related posts

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

colombotoday

වාහන ආනයනයට රජයෙන් ගත් නව තීරණ

Admin

පෝලිම් නැති කලේ රනිල් නෙමෙයි බැසිල්

Admin

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

colombotoday

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

colombotoday