Colombo Today Local News

සත්‍යප්‍රිය ලියනගේ ත් සමගි ජන බලවේගයට සහය පලකරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.

දශක 03ක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර ඇත.

සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහි දී කටයුතු කරන ලදී.

Related posts

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර

colombotoday

තවත් මුස්ලිම් දොස්තර කෙනෙක් ගැන බදුල්ලෙන් පැමිණිළි… සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නෑ…

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

මෛත්‍රී – මහින්ද සමගි කරවන්න ඇල්ලේ හිමියන්ගෙන් කොන්දේසි තුනක් !

colombotoday

අපේ තරම ඇමරිකාව දන්නෙ නෑ – හුආවේ ප්‍රධානී රෙන් සෙන්ග්ෆෙයි

colombotoday

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin