Colombo Today Local News

වැලිකඩ වෙඩිතැබීමක්

වැලිකඩ බන්ධනාගාරය අසළ මහල් නිවාස සංකීර්ණයක ඊයේ (19) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාලකරු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පෞද්ගලික මහල් නිවාස සංකීර්ණයක 5 වැනි මහලේදී ඊයේ රාත්‍රී 11ට පමණ එම වෙඩි තැබීම සිදු වී ඇත, මෙම මහල් නිවාස සංකීර්ණය වැලිකඩ බන්ධනාගාරය අසළ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටා ඇත.

පොලීසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ බන්ධනාගාරගත සිට පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බවයි.

වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් බව මූලික විර්ශනවලදී අනාවරණ වී තිබේ.

පොලීසිය පැවසුවේ, මුහුණු ආවරණ සහිතව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම ස්තිිදු කල බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Related posts

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

Admin

“චන්ද්‍රිකා ඇගිලි ගහනවා.. මං පඹයෙක්ද.. ඇමතිකමින් අස්වී ස්වාධීන වෙනවා“ – ඇමති මනෝ

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday

කුණු වලට විරුද්ධ වුවොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට.. ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

ලංකාවේ නම බැබලවූ රට හොරුන්

colombotoday