Colombo Today Local News

පියාගේ මිටි පහරින් මරු දුටු තරුණයා

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ කුඹුක්ගැටේ පොලිස් වසමේ, වෙල්ගාල, නෙල්ලිය ප්‍රදේශයේ නිවසකදී පියා විසින් තම පුතුට මිටියකින් පහර දී ඝාතනය කරනු ලැබ ඇති බවයි.

පොලිසිය පවසන්නේ, මියගිය තැනැත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව ත් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා නිරන්තරව ම පියාගෙන් මුදල් ඉල්ලා සිට ඇති බව ත් ය.

ඔහු වයස අවුරුදු 30ක් වූ වෙල්ගාල, නෙල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අපරාධය සිදුවන අවස්ථාවේදී ද ඔහු මුදල් ඉල්ලා සිය පියා සමග ආරවුලක් ඇති කර ගෙන ඇති බව ත් ඒ අතරතුර පියා නිවසේ තිබූ මිටියකින් ඔහුගේ හිසට පහර දී ඇති බව ත් ය.

ඝාතනය සිදුකළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර කුඹුක්ගැටේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.

Related posts

රංජිත් මද්දුමබණ්ඩාරගේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

colombotoday

ගුවන් හමුදාවේ ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

colombotoday

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි… දළ කෙටුම්පත අද එළියට…

colombotoday

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවෙයි.. සභාපති, ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මෙන්න

colombotoday