Colombo Today Local News

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

කළමනාකරණය සහ සම්පත් සඳහා වූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ හෙට (18) ආරම්භ වන අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු රාජ්‍යයන් කිහිපයක සංචාරය අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිත බවයි.

ඒ අනුව හෙට සිට ලබන 23 වැනි දින දක්වා ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා වෙත සංචාරය කිරිමට සැලසුම් කර තිබේ.

සිය ඉන්දියානු සහ මාලදිවයින් සංචාර නිම කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන ඔහු රජයේ උසස් නිලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

එහි දී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය නිරික්ෂණය කිරිමට ද නියමිත බව සැඩි දුරටත් වාර්තා වේ.

Related posts

හිතුවක්කාර මිනිස්සු ඉන්නකන් ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ! වත්මන් තත්වය ගැන ජනපති සැරටම කියයි

colombotoday

අගමැති ඉල්ලා අස්වෙන්න බෑ කියයි.. SLFP ඡන්දය අගමැතිට එරෙහිවයි

colombotoday

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

වැටි බද්ද හෙට සිට ඉහළට

colombotoday

ගාලුමුවදොර අරගලයේ නිරත සාමාජිකයින් අද ජනපති හමුවෙයි

colombotoday

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday