Colombo Today Sports News

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

අද(17) පැවැත්වෙයි රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ආරම්බ වේ.

මෙම ක්‍රීඩාංගණයේදී පිරිමි කණ්ඩායම් දෙකක් සහභාගී වන පළමු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙය වීම විශේෂත්වයකි.

ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද මෙය වේ.

වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයන අතර ඇෆ්ගනිස්ථානය තරග කරන්නේ ඊබ්රහීම් සද්රාන්ගේ නායකත්වයෙන් ය.

තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය

මෙම තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය.

Related posts

එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා

colombotoday

ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්

Admin

කැපී පෙනෙන වෙනසක්.. නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන මෙන්න

colombotoday

T10 ලීගයේ දූෂණ චෝදනා මත නුවන් සොයිසාට සහ අවිෂ්ක ගුණවර්ධනට ක්‍රිකට් තහනමක්.

colombotoday

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට නියෝග

Admin

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin