Colombo Today Local News

විජයගේ 36 වන ගුණසමරුව

අද (පෙබ. 16) පෙරවරු නවයට විජය කුමාරතුංග කලාකරුවාගේ තිස්හය වන ගුණසමරු පුෂ්පෝපහාරය පැවැත්වේ.

ඒ එතුමාගේ නිජභූමිය වූ සීදුව බලප්‍රදේශයේ දහඅටේ කණුව අසල ස්ථාපිත විජය කුමාරතුංග සමාධිය අබියසදී ය.

1988 පෙබරවාරි 16 වන දා කුරිරු ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකට ලක්ව දැයෙන් සමුගත් මානව හිතවාදී මෙම ප්‍රවීණ කලාකරු ගේ ගුන අනුස්මරණය මෙලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

උත්සවයේ සංවිධායක කටාන විජය කුමාරතුංග අනුස්මරණ පදනමේ සභාපති විශ්‍රාමලත් විදුහල්පති දයානන්ද ආරියප්පෙරුම මහතා පවසන්නේ එම පුෂ්පෝපහාර පිදීමේ උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විජය කුමාරතුංග මහතාගේ ඥාති පුතුන් වන හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ළඟම මිතුරෙකු වන හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, එම්.එස්.එම්. කබීර් සහ සිනමා නළු විශ්ව කොඩිකාර, සිනමා නළු අනුර ශ්‍රීනාත් සහ තවත් අය මෙම උත්සවයට එක්වන බවයි.

Related posts

සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙරට එන පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා

colombotoday

නගරාධිපතිනී රෝසී හමුවීමට යන මන්ත්‍රීවරුන්ට බැණ පන්නා ගන්නවාලු…

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin