Colombo Today Local News

කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 බරපතල වැඩ සහිත සිරදඩුවම්.

අවිවාහක අවු 35 හැවිරිදි කාන්තාවක ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ වින්දිතයාට රු ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් , මහධිකරණයට රු විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා (13) දින නියෝග කලේය.

මෙසේ බරපතල වැඩ සහිතව සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑලිය පොලිස් කොට්ඨාශයට අයත් හයිපොරස්ට් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස කටයුතු කල ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නැමති
අයටයි.

එම සිර දඩුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඩුවම තවත් වසර තුනකින් දිර්ඝ කර ඇත.

2019 වසරේ එම කොස්තාපල්වරයා හයිපොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන අතරතුර එම කාන්තාවට ලිංගික අතවර කල බවට චෝදනා කරමින් 2019 වසරේ කොස්තාපල්වරයාට එරෙහිව නුවරඑලිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත.

එම චෝදනාව යටතේ පොලිස් දෙපාර්තුමේන්තුව විසින්ද පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මුලික විමර්ෂණයක් සිදු කර පසුව එම පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කල අභියාචණාවක් මත යලිත් එම පොලිස් කොස්තාපල්වරයා එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවා ඇත.

හැටන් – රංජිත් රාජපක්ශ

Related posts

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

ලක් රජයට බදුත් නොගෙවා ෆේස්බුක් සමාගම ලංකාවෙන් උපයාගන්නා ආදායම මෙන්න

colombotoday

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

Admin

කැද ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දේශපාලකයන්, පොලිස් ලොක්කන්ගේ නම් වැළක් එළියට…

colombotoday

අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු සූදානම්

Admin

ලාදුරු රෝගීන් හඳුනා ගන්න නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කරයි

Admin