Colombo Today Local News

අමාත්‍ය සනත් නිශාන්තගේ මරනය සැක සහිතයි බිරිද පැමිනිලි කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිය වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (පෙබ. 7) පැමිණිල්ලක් කරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි.

මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ තම ස්වාමි පුරුෂයාගේ මරණය සැක සහිත බව සඳහන් කරමිනි. ඒ අනුව අදාළ මරණය ගැන විමර්ශනයක් කරන්නැයි ඇය පැමිණිල්ල කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවෙසට ගොස් නීතිඥ චමරි ප්‍රියංකා මහත්මියගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් ලබාගත්තේ ඒ අනුවයි.

අනතුරෙන් පසුව සනත් නිශාන්ත මහතාගේ රථය පැදවූ රියැදුරා වන ප්‍රභාත් එරංග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළ අතර වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා පසුගිය 5 වන දා ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලබන 10 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේ ය.

මේ අතර සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ මතයක් නිර්මාණය වී ඇත.

Related posts

සුබ කාලයක් ගැන දිගම්බරම් කියයි

Admin

පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි

colombotoday

යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි

colombotoday

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

colombotoday

අපි ඉල්ලන දේ නොලැබුනොත් ඒක දේව කැමැත්ත කියලා හිතමු

Admin

සියලු මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක් පිහිටුවීමට අවධානය

Admin