World

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති බවත් වාර්තා වේ

එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළ පළමු පිපිරීම සිදුව ඇති අතර ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම දෙවන පිපිරීම Qillah Saif Ullah දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.

පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිපිරීම්වල වගකීම මේ දක්වා කිසිවෙකුත් භාරගෙන නොමැති බවද එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

හෙට දිනයේ එරට මහ මැතිවරණය පැවැත්වීමටද නියමිතව තිබින.

Related posts

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

බ්‍රසීලයේ අනතුරකින් ජීවිත 25ක් අහිමි වෙයි

Admin

උතුරු කොරියානු නායකයාට පර්යේෂනණාත්ම එන්නකක් චීනයෙන් එන්නත් කරයි

colombotoday

කොරෝනාවෙන් වැඩියෙන්ම බැට කෑ ඇමරිකාවේ දරුණු ගැටුම්. ප‍්‍රධාන නගර තිහකට ඇඳිරිනීතිය. සිය ගණන් අත්අඩංගුවේ

colombotoday

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

Admin