Colombo Today Local News

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන් අද

අද (07) 09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබින.

එමෙන්ම අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සිදුකළේය.

ඒ අනුව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 8 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති නිසා ආචාර පෙළපාලි, ආචාර වෙඩිමුර, පෙර ගමන් රථ යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

පෙරවරු 10.25ට මන්ත්‍රීවරුන් සභාවේ අසුන් ගැනීමට නියමිත බවයි වාර්තා වූයේ.

පෙරවරු 10.30ට ජනාධිපතිවරයා සභා ගර්භයට පිවිසෙන අතර පාර්ලිමේන්තු වාර අවසාන කිරීමේ සහ පාර්ලිමේන්තු රුස්වීම් කැඳවීමේ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් සභාවට කියවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පෙබරවාර 8 වනදා පෙරවරු 9.30 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසු එදින කටයුතු නිමාවීමට නියමිත බව සඳහන් ය.

මේ අතර උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට තීරනය කර තිබුනි.

උත්තර ලංකා සභාගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසා සිටියේය.

Related posts

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

චූඩා මාණික්‍ය කියන්නේ නිකං පළිගුවක්… ඒක බිම තියෙද්දී පෝලිං ගහල වදිනව – එජාප මන්ත්‍රී අශෝක් අබේසිංහ

colombotoday

2020 ජවිපෙ ආණ්ඩුවක්.. ජනපති අනුර දිසානායක, අගමැති ටිල්වින් සිල්වා !

colombotoday

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday