Colombo Today Local News

අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

ඊයේ (05) රාත්‍රී කාලයේදී දඹුල්ල – මහනුවර ප්‍රධාන මාර්ගයට වැටෙන අතුරු මාර්ගයේ විහාර හංදිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කණ්ඩලම දෙස සිට ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකුගේ හා දරුවෙකු වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා සහ දරුවා වඩාගෙන සිටි කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව සහ පුද්ගලයා මියගොස් තිබේ.

වඩාගෙන සිටි වයස මාස 09ක දැරිය දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අනතුරින් මියගොස් ඇත්තේ, බණ්ඩරාගම ලිපිනයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු හා මෙතෙක් ලිපිනය අනාවරණය නොවූ 43 හැවිරිදි කාන්තාවකි. මෘත ශරීර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුරින් යතුරුපැදිකරුද තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි සදහන්ව තිබුනේ.

Related posts

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

Admin

ජින්තුපිටිය ලොක්ඩවුන්

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

colombotoday

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin